Jump to content

චොකලට්

විකිපීඩියා වෙතින්

චොකලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින් සාදන ලද ආහාරය කි. මෙම ශාක විශේෂය තියබ්‍රෝමා කොකෝවා යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන් වනු ලැබෙයි. මෙක්සිකෝව, සෙන්ට්‍රල් නගරය, සහ දකුණු අප්‍රිකාවේ මිලියනයකට අධික වගා බිම් ප්‍රමාණයක කොකෝවා වගා කර ඇත. චොක්ලට් පිළිබඳ පළමු ලිපි ලේඛන හමුවන්නේ ක්‍රි.පූ.1100 දී පමණ සිට ය. මීසෝ-ඇමෙරිකානුවන් මෙම චොක්ලට් පානයක් ලෙස භාවිතා කර ඇති අතර ඇස්ටෙක් ජනයා මෙම පානය xocolātl යන නමින් හැදින් වූහ. මෙම වදන තිත්ත පානය යන අර්ථය දෙන්නක් විය. මෙම තිත්ත රසය කොකෝවා සඳහා ආවේණික වූවාක් වන අතර මෙය ඉවත් කිරීම සඳහා කොකෝව මද පසවීමට ලක් කරන ලදී. කොකෝවා මද පැසවීමෙන් පසුව වියළා පිරිසිදු කර කුඩු කර ගැනීම සිදු වේ. මෙහිදී ඉවත් කෙරෙන කොකෝවා පොත්ත ද යම් යම් දෑ නිපදවීමට යොදා ගැනේ. මේ අතර ඝන කොකෝවා, කොකෝවා බටර්, රස එකතු නොකල චොක්ලට් කුඩු යන නිශ්පාදන වේ.

ඝන කොකෝවා , කොකෝවා බටර් සහ සීනි එක් කිරීමෙන් රසැති චොක්ලටෙ බවට පත් කෙරෙයි. පාශ්චරිත කිරි සහ කිරි පිටි එක් කිරීමෙන් සුදු පහ කිරි රසැති චොක්ලට් නිපදවනු ලැබෙයි. චොක්ලට් පිළිබඳ කළ පර්යේෂණ වලින් චොක්ලට් භාවිතයෙන් රුධිර පීඩනය අඩු කල හැකි බව සොයා ගෙන ඇති අතර පූසන්, බල්ලන් වැනි ඇතැම් සතුන් චොක්ලට් වල අඩංගු තියොබ්‍රොමීන් නිසා මත් බවට පැමිණෙන බවත් අනාවරනය කරගෙන ඇත.

මායා සහ ඇස්ටෙක් ශිෂ්ඨාචාර වලදී චොක්ලට් විශේෂ ස්ථානයක් ගත් බව පෙනී යයි. රාජකීය සහ ආගමික උත්සව වලදී චොක්ලට් භාවිතය එයට නිදසුන් දරයි.

චොකලට්